පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙනවා ද? නැද්ද යන නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.

එමෙන්ම ඔහු පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද? නැත්ද? යන නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි. පෙත්සම් දීර්ඝ ලෙස සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.