සැකකටයුතු තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නප්පුවෙන් හමුවෙයි

සැකකටයුතු තවත් ඩිෆෙන්ඩරයක් වෙන්නප්පුවෙන් හමුවෙයි

ලියාපදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල මිරිස්සන්කොටුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනකි.

රජයය අයත් වාහන පහක් නිවසක සගවා තිබෙන බවට පොලිසියට ලැබුණු තොරතුරක් අනුව අදාල නිවස පරික්ෂා කිරිමේදි මෙම ඩිෆෙන්ඩර් රථය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ ලියා පදිංචි අංක කිසිවක් නොමැති බවත් චැසි අංකය හා එන්ජින් අංකය මකා දමා විකෘති කර ඇති බවත් පරික්ෂා කිරිමේදි අනාවරණය වූ බව පොලිසිය පවසයි.