දීපාවලී දිනය අදයි
හින්දු භක්තිකයන් මහත් බැතියෙන් සමරනු ලබන ආගමික උත්සවයක් වන දීපාවලී උත්සවය අදට (31) යෙදී තිබේ.
අයහපත පරදවා යහපතත්, අඳුර පරදවා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සැමරීම දීපාවලී උත්සවයේ ප්‍රධාන අරමුණයි.
වසර 35,000ක් පමණ පැරණි දීපාවලී සැමරුම වටා බැඳුණු පුරාවෘත්ත රැසක් පවතියි.
විෂ්ණු දෙවියන්, නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් දීපාවලී උත්සවය සමරනු ලබන බව මේ අතරින් වඩාත් ප්‍රකට කතා පුවතයි.
තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාටම ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන් වේ.
ලොව පුරා හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ එම පහන්වල ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත්සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවය.