පිළිස්සූ මළ සිරුරක් දඹේආර වැව් පිටියෙන් හමුවෙයි

පිළිස්සූ මළ සිරුරක් දඹේආර වැව් පිටියෙන් හමුවෙයි

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමටත් ආරගම දඹේආර වැව් පිටියේ පුළුස්සා දමා තිබූ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මළ සිරුර සොයාගන්නා විටත් එය සම්පූර්ණයෙන්ම පිළිස්සී තිබූ බවයි, පොලිසිය සඳහන් කළේ.

මෙම මළ සිරුර විශාල ප්‍රමාණයේ දර කැබලි දමා පුළුස්සා ඇති අතර මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන තෙක් තහවුරු වී නොමැති බව පොලිසිය පැවසීය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබයි.