කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 17 හැවිරිදි පුත්‍රයා පැදවූ රියේ හැපී දරුවෙක් මරුට

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ 17 හැවිරිදි පුත්‍රයා පැදවූ රියේ හැපී දරුවෙක් මරුට

කෝටිපති ව්‍යාපාරිකයකුගේ 17 හැවිරිදි පුත්‍රයෙකු පැද වූ නවීන වර්ගයේ ජීප් රථයක් ගම්පොළ බස් නැවතුම්පල ඉදිරිපිට ඇති සුදුඉර අසලදී ඉදිරියෙන් ගමන් ගත් ත්‍රී රෝද රථයක, ගැටී එහි ගමන් ගත් වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවකු මිය ගොස් දෙදෙනකු තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇතැයි පරීක්ෂණ පවත්වන ගම්පොල පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ විදේශ රටක සිට ගම්පොළ ඉල්ලවතුර ප්‍රදේශයට පැමිණ සිටි මොහොමඩ් සිරාස් අම්ඩේ නැමැති දරුවායි.

අනතුර සිදුකර ඇති ජීප් රථය නොනවත්වා මීටර 55 ක් පමණ ඉදිරියට ගොස් ගම්පොල පුද්ගලික බස් නැවතුම්පළ තුලට හැරවීමේදී එහි සිටි පලතුරු වෙළෙන්දෙකු ද ගැටී අසල තිබූ තවත් ත්‍රීරෝද රථයක ද ගැටී එම ජීප් රථය නැවතී තිබේ.