මින්නේරිය යෝධඇලට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

මින්නේරිය යෝධඇලට වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

මින්නේරිය නගරයේ යෝධඇලට වැටී කාන්තාවක් මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

මෙලෙස මිය‌ගොස් ඇති බව කියන කාන්තාවගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් කිසිවක් සොයාගෙන නොමැති අතර ප්‍රදේශවාසීන් හදුනාගෙන ඇති අකාරයට ඇය ප්‍රදේශයේ නිතර ගැවසුන යාචක කතක් බව කියයි.

ඇය මින්නේරිය නගරය ආසන්නයෙන් ඇලට වැටී කිලෝමීටර දෙකක් පමණ දුරට ගසාගෙන යමින් සිටියදි මින්නේරිය පොලස් ජීවිතාරක්ෂක නිළධාරීන් ඇය ගොඩගෙන ඇත.

ඇය ගොඩ ගන්නා විටත් මියගොස් සිට ඇති අතර සිරුරේ ස්ථාන රැසකම තුවල සිදුව තිබූ බව පැවසේ.