තරුණයෙක් දැදුරු ඔයට බිලි

තරුණයෙක් දැදුරු ඔයට බිලි

හලාවත දැදුරු ඔයේ මිතුරන් හා බිරිය සමඟ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී මරණයට පත්ව ඇති බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ හැටන් මවුන්ටන් වත්ත වටවල පදිංචි 20 හැවිරිදි කරුණානිධි ගෝබිනාත් නැමති හලාවත ප්‍රදේශයෙ තෙල් මෝලක සේවය කරමින් සිටි අයකු බව පැවසේ .

මෙම තරුණයා හැටන් වටවල සිට හලාවතට පැමිණ එහි මෝල් තෙල් සිදිමේ ව්‍යාපාරීක ස්ථානයක සේවය කර ඇති බව පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.

මෙම තරුණයා සතියකට පෙර හලාවත ප්‍රදේයේ තරුණියක් සමග විවාහ වී ඇති බවද පොලීසිය කියයි.