අත්ට්‍රැක්ටරයක් පෙරළීයාමෙන් අවුරුදු 14ක දරුවෙක් ජීවිතක්ෂයට
ගල්කිරියාගම – කරවිලගල හන්දිය අලියාමලගල කහලුකන්ද මාර්ගයේ කිවුල උල්පත අතුරු මාර්ගයට හැරෙන හන්දියේදී කහලුකන්ද දෙසට ධාවනය වූ අත්ට්‍රැක්ටරයක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් වයස අවුරුදු 14ක පිරිමි දරුවෙකු මියගොස් තිබේ.
දර පැට වූ අත්ට්‍රැක්ටරයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, එහිදී අත්ට්‍රැක්ටරයේ ඉදිරිපස ගමන් ගත් මෙම දරුවා දර පැටවූ ට්‍රේලරයට යටවීමෙන් බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.
එලෙස බරපතළ තුවාල ලැබූ දරුවා කලාවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති දරුවා නෑගම්පහ, නාන්වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි බවයි පොලිසිය පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් අත්ට්‍රැක්ටරය පැදවූ රියදුරු ගල්කිරියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා