මව්කිරි සිරවී සිඟිත්තියක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවී සිඟිත්තියක් ජීවිතක්ෂයට

යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා දැරියක් මව්කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් ඇතැයි තෙලිප්පලෙයි පොලීසිය පවසයි.

ඉනුවිල් ප්‍රදේශයේ පදිංචි මවක දින 40 ක් වයසැති සිය දියණියට කිරී දී ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පරික්ෂා කොට එම අවස්ථාවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර රෝහල වෙත රැගෙන එන විටත් දැරිය මිය ගොස් සිට ඇති බව රෝහල් වෛද්‍යවරුන් පවසා තිබේ.

අනතුරුව දැරියගේ මරණය සමබන්ධයෙන් සිදුකල මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනාවරණය වී ඇත්තේ දැරියට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවය.

Share This