ආරාමයක ගින්නකින් දසසිල් මාතාවක් ජීවිතක්ෂයට

ආරාමයක ගින්නකින් දසසිල් මාතාවක් ජීවිතක්ෂයට

රස්නායකපුර, අඹගම්මන ප්‍රදේශයේ පිහිටි ආරාමයක වැඩ විසූ දසසිල් මාතාවක් එම ආරාමයේ කාමරයක ඇතිවූ ගින්නක් හේතුවෙන් පිළිස්සීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 70ක දසසිල් මාතාවක් බවයි වාර්තා වන්නේ.

ගින්න ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති බව රස්නායකපුර පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු රස්නායකපුර පොලිසිය පවත්වනවා.