කැළණි ගඟේ නාඳුනන පිරිමි මළසිරුරක්

කැළණි ගඟේ නාඳුනන පිරිමි මළසිරුරක්

කැළණි ගඟේ නාඳුනන පිරිමි මෘත ශරීරයක් ඇති බවට පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

පෑලියගොඩ මීගමුව මාර්ගයේ ගෑස් වත්ත පිටුපස කැලණි ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට  ඊයේ (31) සවස් කාලයේදී තොරතුරු ලැබී තිබේ.

මෘතශරීරය සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණය සිදුකර කොළඹ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බවය.

වයස අවුරුදු 45ත් 50ත් අතර, උස අඩි 05යි අඟල් 07 ක් වන එම පුද්ගලයා අළු පැහැති දිග කලිසමක් පමණක් හැඳ සිටි බවද පොලීසිය පවසයි.

කොණ්ඩය කළු සුදු මිශ්‍ර වන අතර හිස මැද තට්ටය පෑදී ඇත. මුහුණ පුරා රැවුල වවා තිබේ.

මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.