ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබෙනවා.

කොළඹ අද පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව එම තීරණයට එලඹි බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වී තිබුණි.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා

“අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා.

ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාවය තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා.

අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා.” යනුවෙනි.