සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

සජබෙට එරෙහිව දැමූ පෙත්සම ඩයනා ඉල්ලා අස්කර ගනී

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය විසින් ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තබේ.

එම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඩයනා ගමගේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ, අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඒ, අනුව එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙස ඇයගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එහිදී අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නේය.