දයාසිරිට එරෙහිව මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට

දයාසිරිට එරෙහිව මෛත්‍රී සහ දුෂ්මන්ත ඉල්ලූ අතුරු තහනම ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ සහ මහ ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා එම පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන සහ වැඩබලන ලේකම් සාරති දුෂ්මන්ත මිත්‍රපාල යන අය කළ ඉල්ලීමක් නිෂ්ප්‍රභා කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.

අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට තරම් පැමිණිලිකරුවන් විසින් කරුණු තහවුරු කර නොමැති වීම හේතුවෙන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව අධිකරණය සඳහන් කළේය.