උණුසුම් තත්ත්වය මැද දයාසිරි පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගනී

උණුසුම් තත්ත්වය මැද දයාසිරි පක්ෂ මුලස්ථානය ඉදිරිපිටදී වැඩ භාරගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන තිබේ.

පොලීසිය ඔහුට පක්ෂ මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදී දොරගුළු දමා වසා තිබූ බැවින් මෙසේ ඔහු පක්ෂ මූලස්ථානය ඉදිරිපිටදී වැඩ භාර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

අද (05) උදෑසන තම පක්ෂ මූලස්ථානයට එන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ට එහි මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දැනුම් දී තිබූ අතර ඒ අනුව, එම ස්ථානයේ කලබලකාරී තත්ත්වයක් ඇති වෙතැයි අනුමාන කරමින් නිදහස් පක්ෂ මූලස්ථානය ආසන්නයේ ආරක්ෂාව තර කිරීමට පොලීසිය කටයුතු කර තිබුණි.

Share This