ධම්මික නිරෝෂණ ඝාතනයට අයෙක් අත්අඩංගුවට

ධම්මික නිරෝෂණ ඝාතනයට අයෙක් අත්අඩංගුවට

ධම්මික නිරෝෂණ ඝාතනයට සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මේ වනවිට (18) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනුයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළේ.

පොලිස් අත් අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට ඝාතනය සම්බන්ධයෙන් විශේෂ කරුණු රැසක් හෙළිදරවු කරමින් සිටින බව ද අමාත්‍යවරයා පැවසුවා.

මෙම ඝාතනයට හේතුව වී ඇත්තේ පාතාල ආරවුලක ප්‍රතිඵලයක් ලෙසට බවයි අම්බලන්ගොඩ පොලිසිය සැක පළ කරන්නේ.

ධම්මික නිරෝෂණ හෙවත් ජොන්ටි පසුගිය අඟහරුවාදා (16) ඔහුගේ අම්බලන්ගොඩ, කන්ද ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී වෙඩිතබා ඝාතනය කෙරිනි.

වෙඩිතැබීම සඳහා පුද්ගලයින් තිදෙනෙක් පැමිණ තිබූ බව සී.සී.ටී.වී. දර්ශන වලින් අනාවරණය කර ගෙන තිබේ.

බූරු පිටියක ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුව ඝාතනය කර ඇති බවට විවිධ තොරතුරු වාර්තා වේ.

ධම්මික නිරෝෂණ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වේ.