ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මම සූදානම්

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට මම සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තමන්ව ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීන්දු කරන්නේ නම් තමන් ඊට සූදානමින් පසුවන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පවසයි.

කොළඹ 7, රොස්මිඩ් පෙදෙසේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිකයන්ගේ මධ්‍යස්ථානය වෘවිත කිරීමෙන් පසුව ඒ මහතා එසේ පැවසීය.

ජනාධිපති අපේක්‍ෂක ධූරය බලාපොරොත්තුවෙන් පොදුජන පෙරමුණට වැඩ කරන බව පැවසූ ඒ මහතා මැතිවරණය ජය ගැනීමට වැඩකටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.

වර්තමානය වන විට රටෙන් සියයට 44 ක් ඡන්දය දෙන්නේ කාටද යන්න තීරණය කර නොමැති බවත් වේදිකාවල කොතරම් ලොකුවට කථා කළත් ආර්ථිකය දියුණු කරන්නේ කෙසේද යන්න කිසිවෙක් නොකියන බවත් ඒ මහතා කීය.

වේදිකාවට පැමිණිය හොත් ආර්ථිකය දියුණු කිරීමේ වැඩපිළිවෙල කිවයුතු බැවින් ඒ වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බව ද කී ධම්මික පෙරේරා මහතා සමහර දේශපාලන පක්‍ෂ අවුරුදු දෙකක් තිස්සේ ජනාධිපතිවරණ ප්‍රචාරයන් කළ ද රටේ ආර්ථිකය හදන්නේ කොහොම දැයි පැහැදිළි කර නොමැති බව ද පැවසීය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඉදිරි දින 90 තුළ ආර්ථිකය හදන හැටි කිවයුතු බවත් ආර්ථිකය හදන හැටි කිව්වම ජනාතාවට ආත්ම ශක්තියක් ලැබෙන බවත් ඒ මහතා පැවසීය.

Share This