මළ සිරුරක් ඖෂධ හලක දින දෙකක් තබාගෙන සිට අවසන් කටයුතු කරලා

මළ සිරුරක් ඖෂධ හලක දින දෙකක් තබාගෙන සිට අවසන් කටයුතු කරලා

යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පෞද්ගලික ඖෂධ හලක් තුළ දින දෙකක් තිස්සේ මළ සිරුරක් තබාගෙන සිට ඉන්පසු අවසන් කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇතැයි යපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.

ඔසුසල පවත්වාගෙන යාම ලියාපදිංචි කොට තිබූ ස්ථානයේම පිටුපස කොටසේ තිබූ නිවසේ වයෝවෘද්ද යුවළක්ද ජීවත්ව සිට ඇති අතර ඉන් වයෝවෘද්ද පුද්ගලයා මියගොස් තිබිණි.

පසුව එම මෘත දේහය දින දෙකක් ඖෂධ හලෙහි තබා අනතුරුව මිහිදන් කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය කියයි.

ඔසුසලේ ඖෂධ ගබඩා කිරීමේදී පිළිපැදිය යුතු නීති උල්ලංගණය කරමින් ඇතම් ඖෂධ වර්ග වෙනත් ස්ථනයකට රැගෙන ගොස් ඇති බවටත්, කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකොට ඇතැම් ඖෂධ තිබෙද්දි මළසිරුරද එම ඔසුසල තුළම තැන්පත් කොට ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ අරඹා තිබේ.