මැණික් ගඟේ දිය නෑ අයෙක් කිඹුල් ප්‍රහාරයකින් මරුට

මැණික් ගඟේ දිය නෑ අයෙක් කිඹුල් ප්‍රහාරයකින් මරුට

කතරගම මැණික් ගගේ දිය නාමින් සිටි පුද්ගලයෙකු කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්ව දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ (06) උදෑසන කාලයේදී මැණික් ගගේ අංක 2 පාලමත් අභිනවාරාම විහාරස්ථානයත් අතරදී මියගිය පුද්ගලයා කිඹුල් ප්‍රහාරයට ලක්ව තිබෙන බවයි.

කිඹුල් ප්‍රහාරයට ලක්වීමෙන් පසු ඔහු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි සැක කරන බව පොලීසිය පැවසීය.

පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්ගේ හා වනජීවී නිලධාරීන්ගේ සහාය ඇතිව මෘත දේහය සොයාගෙන තිබේ.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර ඔහු අවුරුදු 30ත් 35ත් අතර වයසේ පසුවන, කතරගම දේවාලය වැද පුදා ගැනිමට පැමිණි පුද්ගලයෙකු බවට සැකකරන බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.