එක් පන්දුවකින් ලකුනු 286 ක්

එක් පන්දුවකින් ලකුනු 286 ක්

ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හදුන්වා දෙන කාල වකවානුවක් වුන 1800 කාල වකවානුවේ සිදුවුන පුදුමාකාර සිදුවීමක් මේ.

ඒ සිදුවීම සිදු වුනේ 1894 දී ඔස්ට්‍රේලියානු පළමු පෙළ තරගයකදී බටහිර ඔස්ට්‍රේලියාව තම ප්‍රතිවාදි පිල වන එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවකයි.

එංගලන්ත ක්‍රීඩකයෙකු එල්ල කල පහරකින් බෝලය ඉතා වේගයෙන් පියඹා ගොස් විශාල ගසක අත්තක සිර වුනා.

විනිසුරුවන් තීරණය කළේ බෝලය නැති වී නොමැති නිසාත් එය තිබෙන්නෙ කොහෙද කියලා සැවොම දන්නා නිසාත් තරගය නතර නොකිරීමටයි.

කෙසේ හෝ එම බෝලය නැති වී නොමැති නිසා අලුත් බෝලයක් පිටියට රැගෙන ආවෙ නෑ

නමුත් එය තිබෙන ගස කපා දැමීමටයි සැවොම තීරණය කළේ. පොරොවක් රැගෙන එම විශාල ගස කපාදැමිමට යාමෙන් එම සේවකයන් වෙහෙසට පත්වුනා .

අවසාන උපාය ලෙස තුවක්කුවක් අරගෙන බෝලය ඇති අත්තට වෙඩි තැබීමට තීරණය කළා.

එම උත්සහයද බොහො වරක් වැරදි ගියත් එක් අවස්ථාවක නිවැරදි ඉලක්කයට වෙඩි තබා බෝලය පහලට ගත්තා .

නමුත් ඒ වන විටත් එන්ගලන්ත ක්‍රීඩකයන් කඩලු අතර 6 KM පමන දුරක් දුව ගොස් ලකුනු 286 ක් රැස් කරගෙන තිබුණා.

මෙම සිදුවීම වාර්තා කර තිබුණේ බ්‍රිතාන්‍ය පුවත්පතකින් වන අතර දැනට එම සිදුවීමට අදාලව තිබෙන එකම සාක්ෂිය එය ලෙසද සැලකෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇති නිර්වද්‍ය භාවය පිළිබඳව අදටත් මතභේදාත්මක තත්වයක් පවතින අතර එම කාල වකවානුව අනුව එය සිදුවන්නට ඇතැයි පැවසෙනවා.