වාස් ඇතුළු 5කට කොළඹ මහ අධිකරණයෙනුත් දඬුවම්

වාස් ඇතුළු 5කට කොළඹ මහ අධිකරණයෙනුත් දඬුවම්

මාලඹේ තොරතුරු තාක්ෂණ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙකු වූ නිපුණ් රාමනායක පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා සුලු තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාලව චෝදනා ලැබ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 05 දෙනකුට කොළඹ මහාධිකරණයේ විනිසුරු අමල් රණරාජා මහතා විසින් අද වසර 04ක බරපතල සිර දඩුවම් හා දඩ මුදල් නියම කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි වාස් ගුණවර්ධන මහතාගේ බිරිඳ ශ්‍යාමලී ප්‍රියදර්ශනී පෙරේරා ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කර තිබේ.