ටැටූ දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

ටැටූ දුලාන්ගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් අතුරුගිරිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන දුලාන් සංජය හෙවත් ටැටූ දුලාන් නැමැත්තාට අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව ඔහුගේ නීතිඥයින් අද (22) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දී තිබෙනවා.

ඒ, අනුව ඔහුගේ එම රහස් ප්‍රකාශය අද (22) දහවල් 12.00න් පසු ලබාගැනීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ටැටූ දුලාන් ඇතුළු සැකකරුවන් 07 දෙනෙක් අද (22) පෙරවරුවේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.