වසන්තගේ වෙඩික්කරුවන් ගැන අලුත්ම අනාවරණය

වසන්තගේ වෙඩික්කරුවන් ගැන අලුත්ම අනාවරණය

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ වෙඩික්කරුවන් රටින් පිටව ගොස් ඇති බවට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසයි.

එමෙන්ම එම ඝාතනයට ප්‍රභූවරයෙක් සම්බන්ධ බවට පලවන තොරතුරු වලද කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එවැනි දෙයක් මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී නොමැති බවත් අද (17) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

එසේම, මෙම අපරාධයේ ප්‍රධාන සැකකරුවෙක් වන ටැටූ දුලාන් නැමැත්තාගේ මව මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු තැනැත්තියක් බවට හඳුනගෙන ඇති බවත් එම කාන්තාව මීට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට පත්ව ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.