පාස්කු ප්‍රහාරයට පොහොට්ටුවේ ඇති සම්බන්ධයක් ගැන චිරන්ත අමරසිංහගෙන් හෙළිදරව්වක්
මෙරට සංචාරක කර්මාන්තයට මෙන්ම ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑමක් ඇති කරමින් පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස පොහොට්ටුවේ සාමාජිකයන් සිටින බවත්, ඔවුන් කිසිම ලැජ්ජාවක් නොමැතිව මැතිවරණයට ඉදිරිපත් වන බවත්, නිදහස සුරකින්නෝ සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ පවසයි.
හිටපු ජනපති ගෝඨාභය බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන අඩාල කිරීමට එහි විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මාරු කර යැවීම පිටුපසත් පොහොට්ටුවේ පිරිස් සිටින බවට ඔහු චෝදනා කරයි.
එමෙන්ම වඳ සැත්කම් සිදුකලැයි චෝදනා එල්ල වුනු ෂාෆි ෂහාබ්දීන්ගේ සිද්ධිය මත පාස්කු ප්‍රහාරයේ විමර්ශන මෙන්ම ෂාෆි ෂහාබ්දීන්ගේ වෛද්‍යවරයාගේ වඳ සැත්කම් සිද්ධියේ ද විමර්ශන කටයුතු සිදුකළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට රට හැර යෑමට සිදුවූ බවත්, මෙම සිදුවීම් පිටුපස සිටි රවින්ද්‍ර මනෝජ් ගමගේ යන අය අද පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන බවත් ඔහු පවසයි.
2019 අප්‍රේල් මස 14 වන දින අනුරාධපුර කුම්බිච්චිකුලම් ගම්මානයේ පිහිටි මෙතෝදිස්ත පල්ලියකට මැර ප්‍රහාරයක් එල්ල වුනු බවත්, ඒ පිටුපස පොහොට්ටුවේ ප්‍රභල සාමාජිකයන් සිටින බවත් හඬපටයක් උපුටා දක්වමින් ඔහු පැවසීය.
මෙරට කතෝලික පල්ලි වලට ප්‍රහාරයක් එල්ල වන බවට රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම විදෙස් බුද්ධි සේවා වලින් මෙරටට තොරතුරු ලැබී තිබුණු නමුත් කුම්බිච්චිකුලම් ගම්මානයේ පිහිටි මෙතෝදිස්ත පල්ලියට එල්ලවුණු ප්‍රහාරය හේතුවෙන් ආරක්ෂක අංශ වල වැඩි අවදානය මෙතෝදිස්ත පල්ලි කෙරෙහි යොමු වූ බවත් ඔහු පවසයි.
කතෝලික පල්ලි වලට ප්‍රහාරයක් එල්ල වන බවට තොරොතුරු ලැබී තිබියදීත් ඒ සඳහා ආරක්ෂාව සැපයීමට එවකට අගමැතිවරයා ලෙස කටයුතු කල රනිල් වික්‍රමසිංහ කටයුතු නොකළ බවට ඔහු චෝදනා කරයි.
මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු පැවැත්වූ මාධ්‍ය සාකච්චාවට අදාළ වීඩියෝ පටය පහතින්