ගොරකානේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් 20 ක් අත්අඩංගුවට

ගොරකානේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් 20 ක් අත්අඩංගුවට

බස්නාහිර බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි චීන ජාතිකයින් 20 දෙනෙක් පානදුර උතුර පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී, වීසා නොමැතිව රැඳී සිටි මෙම චීන ජාතිකයින් සන්තකයේ තිබී ලැප්ටොප් 5ක්, ජංගම දුරකථන 437ක්, තරාදියක්, USB කේබල් 332ක්, ජංගම දුරකථන චාජර් 133ක්, USB වයර් කෝඩ් 21ක්, රවුටර් 17ක් ,අයි ෆෝන් 2ක් සහ තවත් උපාංග කිහිපයක් පොලිස් භාරයට ගෙන ඇත.

ඔවුන් මාසිකව රුපියල් ලක්ෂ විස්සක කුලී පදනම මත එම හෝටලයේ රැඳී සිට ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

එහි රැදී සිටී තවත් චීන ජාතිකයින් 18 කු පලාගොස් ඇති බවද වාර්තා වේ.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් අද (09) දින පානදුර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.