සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

සිව් හැවිරිදි දැරියගේ සිරුර ළිඳකින් හමුවෙයි

රුවන්වැල්ල, කිරිපෝරුව ප්‍රදේශයේ ළිඳක් තුළ තිබී වයස අවුරුදු 4ක කුඩා දැරියකගේ මළ සිරුරක් අද (17) උදෑසන හමුව තිබේ.

එමෙන්ම ඇගේ කථනාබාධිත මවද සිහිසුන්ව ළිඳ අසල වැටී සිටියදී ප්‍රදේශවාසීන්ට හමුව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, දෙව්මි අමායා නැමැති කුඩා දැරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.