නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම හෙට

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීම හෙට

2024 ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම හෙට (02) දිනයේ සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති අර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

අනතුරුව, තැපැල් දෙපාර්තමේන්තුව විසින් නියමිත පරිදි එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම නිසිපරිදි සිදු කරනු ඇති බවයි, රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.