නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 5 ක් තැපෑලේ ඉතිරි වෙයි

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලක්ෂ 5 ක් තැපෑලේ ඉතිරි වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තවත් ලක්ෂ 5 ක පමණ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තොගයක් තැපැල් කාර්යාලවල ඉතිරිව ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

රට හැරගිය හා නිවෙස්වල නොසිටි පුද්ගලයින්ගේ නිල ඡන්ද පත්‍රිකා එලෙස ඉතිරිව පවතින බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එලෙස ඉතිරිව තිබූ නිල ඡන්ද පත්‍රිකාවලින් 76,000 ක සංඛ්‍යාවක් පසුගිය දින 2 ක් ඇතුළත ඡන්ද දායකයින් පැමිණ රැගෙන ගොස් ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පතිවරයා පැවසුවේය.

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම පසුගිය 7 වැනිදා අවසන් විය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසුවේ, මැතිවරණ දිනයේත් ළඟම පිහිටි තැපැල් කාර්යාලයට පැමිණ අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගැනීමට හැකියාව පවතින බවයි.