කඩාකප්පල්කාරී වැඩ කළොත් ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද කැන්සල්
හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී කිසියම් ඡන්ද පොළක කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුවහොත් එම ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද විමසීම ශුන්‍ය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.
එබැවින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම උදෙසා කැපවීම සියලු පුරවැසියන්ගේ වගකීමක් බවත් ඡන්ද අයිතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවිය යුතු බවත් සභාපතිවරයා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා මේ බව සඳහන් කළේ, හෙට (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහමැතිවරණය වෙනුවෙන් දැනුම්වත් කිරීම සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (12) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 14 වැනිදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව සභාපතිවරයා පැවසීය.
සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ කටයුතු ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලැබීමෙන් පසු පස්වරු 7.15න් පසුව ආරම්භ කරන බව ද ඒ මහතා පැවසීය.
ඡන්ද බලප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධ්‍ය වෙත නිකුත් කරන බැවින් නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙස ද සභාපතිවරයා ඉල්ලා සිටියේය.
ඡන්දය යනු පුරවැසියාගේ අයිතිය හා බලය බවත් ඔබගේ බලය හා අයිතිය නිවැරදි ලෙස පාවිච්චි කරන ලෙසත් 14 වැනි දින හැකි තරම් වේලාසනින් ඡන්දපොළට ගොස් සිය අයිතිය ප්‍රකාශ කරන ලෙස ද ඒ මහතා පැවසීය.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු වන බවත් එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රී ධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදු කරන බවත් ඔහු පැවසීය.