අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට

අතුරුගිරිය වෙඩි තැබීමේ CCTV දර්ශන එළියට

අද (09) පෙරවරුවේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමේ CCTV දර්ශන මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

මෙම වෙඩි තැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඉන් තවත් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබූ අතර ප්‍රසිද්ධ ගායන ශිල්පිනියක් වන කේ සූජීවාද ඒ අතර වේ.

සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා යන ආකාරය සී.සී.ටී.වී දර්ශනවල සටහන් වී තිබේ.