යාපනයේ කැළෑවක සඟවා තිබූ තවත් මෝටර් රථයක් සොයාගනී

යාපනයේ කැළෑවක සඟවා තිබූ තවත් මෝටර් රථයක් සොයාගනී

යාපනයේ තෙලිප්පලෙයි ප්‍රදේශයේ කැළෑවක සඟවා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් තෙලිපලෙයි පොලීසිය විසින් ඊයේ (21)  දා සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලැබුණු තොරතුරක් මත එම මෝටර් රථය සොයා ගත් පොලීසිය එහි සඳහන් අංකය ඔස්සේ සිදු කළ පරීක්ෂණ වලදී හෙළි වී ඇත්තේ ඊට යොදා ඇත්තේ ව්‍යාජ අංකයක් බවයි.

එම මෝටර් රථය එම ස්ථානයට රැගෙන එන ලද පුද්ගලයා හා මෝටර් රථය අයත් කාහටද යන්න පිළිබඳව තෙලිප්පලෙයි පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

පොලීසිය සැක කරනු ලබන්නේ මෙම මෝටර් රථය කිසියම් අපරාධයක් සඳහා යොදා ගැනීමට සැලසුම් කිරීමක් හෝ යොදා ගැනීමක් සිදුව ඇති බවය.

එසේ නොමැතිනම් කොළඹ දේශපාලනයට සම්බන්ධ අයෙකු විසින් මෙම මෝටර් රථය භාවිත කොට එය යාපනයට  රැගෙන විත් මේ අන්දමට කැළයක සගවන්නට ඇතැයි යන සැකයද පොලීසියට ඉස්මතු වී ඇත්තේ මේ දිනවල එවැනි වාහන විව්ධ පළාත් වලින් හමුවීම නිසාවෙනි.

යාපනයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත තෙලිප්පලෙයි පොලීසිය මෙම මෝටර් රථය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.