කාර් කාර් ගැටී 07 ක් රෝහලට

කාර් කාර් ගැටී 07 ක් රෝහලට

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ ප්‍රදේශයේ දී අද (18) දහවල් කාර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් හත් දෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරින් කාර් රථ දෙකෙහි ගමන් කරමින් සිටි වයස මාස 8 සහ මාස 18 දරුවන් දෙදෙනෙක්, කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දෙදෙනෙක් තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත්තේ, මහනුවර පිළිමතලාව දන්තුරේ ප්‍රදේශයේ පදිංචිව සිටින පිරිසක් හා කොළඹ කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින සිව් දෙනෙක් සමග හත් දෙනෙක් බවත් පොලිසිය පැවසීය.

මහනුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු කාර් රථයේ රියදුරුවරයාට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොමැති බවයි, පොලිසිය පවසන්නේ.