ඡන්ද අයිතිය ඉල්ලා සරසවි සිසුන් පිරිසකගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
විශ්වවිද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පැෆ්රල් සංවිධානය මගින් අදාළ පැමිණිල්ල තම කොමිසමට යොමු කර ඇති බවය, එහි කොමසාරිස් ජනරාල් නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ,
එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වන බවට නිරීක්ෂණය වී ඇත්තේ යාපනය, රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාල වල සිසුන් පිරිසකටය.
ලබන සිකුරාදා දිනයේත් දවස පුරා අධ්‍යන කටයුතු පැවැත්වීම හේතුවෙන් දුරස්ථව පදිංචි වී සිටින සිසුන් අදාළ ගැටලුවට මුහුණ පෑමේ අවදානමක් පවතින බව මානව හිමිකම් කොමිසම පෙන්වා දී තිබේ.
ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබා දීමට විශ්වවිද්‍යාල කුලපතිවරුන් සමග සාකච්ඡා පවත්වන බවයි, නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ.