බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන උපාංග‍ හා මත්ද්‍රව්‍ය හමුවෙයි

බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන උපාංග‍ හා මත්ද්‍රව්‍ය හමුවෙයි

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුල කල හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල ප්‍රමාණයක් හා හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති විජේසිංහ මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් බූස්ස බන්ධනාගාර කඳවුරේ දෙවන අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.එස්.පී. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A, B, C හා D යන වාට්ටු තුල හදිසි සෝදීසි කිරීමක් කිරීමෙනුයි මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබෙන්නේ.

එහිදී ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ සමග හෙරොයින් ග්‍රැම් 03 මිලි ග්‍රැම් 150 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොල කැබලි සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබේ.