ඡන්දෙට ගමේ යන අයට විශේෂ ප්‍රවාහන සේවා
පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක බවයි, ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සදහන් කළේ.
මේ අතර, දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාර වලට අමතරව මැතිවරණය සදහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් දුම්රිය සදහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළ මහතා ප්‍රකාශ කළා.
මේ අතර, ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ, ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මැතිවරණ සේවා වෙනුවෙන් යොදා ගැනීම නිසා හෙට දින මගී තදබදයක් ඇතිවිය හැකි බවයි.