බස් ගාස්තු අඩු කිරීම ගැන තීරණය අද

බස් ගාස්තු අඩු කිරීම ගැන තීරණය අද

ඉන්ධන මිළ පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු සංශෝධනයක් සිදුවන්නේද? නැද්ද? යන්න පිළිබඳව අද (02) ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

ඉන්ධන මිල පහළ ගියද බස් ගාස්තු සං‌ශෝධනයක් සිදුනොවන බවයි, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ,

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන පහළ දැමීමට ඛණිජ තෙල් සංස්ථාව, ලංකා IOC හා සිනොපෙක් සමාගම් පියවර ගනු ලැබීය.