බස් රියට යටවුණු මගියෙක් එලොව ගිහින් මෙලොව එයි

බස් රියට යටවුණු මගියෙක් එලොව ගිහින් මෙලොව එයි

ඇගළුම් කර්මාන්ත සේවකයින් ප්‍රවාහනය කල බස් රථයකට මාර්ගයේ ගමන් කරමින් සිටි පදිකයෙකු යටවිමෙන් එම පදිකයා බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත (05) දින ඇතුලත් කර ඇති බවත්, බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවත් හැටන් පොලිසිය පවසයි.

කොටගල සිට හැටන් ප්‍රදේශයේ පිහිටි ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කල බස් රථය හැටන් නගර මධ්‍යයෙන් හැටන් ඩන්බාර් විදියට (05) දින පෙරවරු 7.25 ට පමණ එකවරම හැරවිමත් සමග මාර්ගය හරහා මාරු වෙමින් සිටි පදිකයාගේ පාදය බස් රථයේ පසුපස රෝදට හසු වි බරපතල ලෙස තුවාල වී තිබේ.

බස් රථය ධාවනය කල රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අත්අඩංගුවට ගත් රියදුරා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.

Share This