රනාලේ බස් අනතුරකින් ළමුන් 20 ක් රෝහලට

රනාලේ බස් අනතුරකින් ළමුන් 20 ක් රෝහලට

හංවැල්ල, රනාල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (19) දහවල් අනතුරක් සිදුවී තිබේ.

කොළඹ සිට ලඹුගමුව දක්වා සිසුන් ප්‍රවාහනය කළ සිසු සැරිය බස් රථයක් සහ ඇඹිලිපිටියේ සිටි කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී ඇති බවයි, අප වාර්තාකරු පැවසුවේ.

එම අනතුරෙන් පාසල් ළමුන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ඔවුන් නවගමුව රෝහල වෙත ඇතුළත් කර තිබේ.