
නව රජයේ පළමු අයවැය අද පාර්ලිමේන්තුවට
2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) පෙරවරු 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වේ.
ඒ අනුව, 2025 වසර සඳහා වන අය වැයට අදාළ විවාදය පෙබරවාරි 18 සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.
අයවැය දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි 18 වනදා සිට 25 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වීමට නියමිත අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 25 වනදා පස්වරු 6ට පැවැත්වීමට සැලසුම් කර තිබේ.
විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි මස 27 වන දින සිට මාර්තු මස 21 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා පස්වරු 6.00ට පැවැත්වේ