“බ්‍රික්ස්” රාජ්‍ය නායක සමුළුව ඇරඹේ

“බ්‍රික්ස්” රාජ්‍ය නායක සමුළුව ඇරඹේ

බ්‍රික්ස් රාජ්‍ය නායක සමුළුව රුසියාවේ කාසාන් නගරයේ දී ජනාධිපති වැලදිමීර් පුටින්ගේ ප්‍රධානත්වයෙන් අද (22) ආරම්භ වුණි.

මෙම සමුළුව අද සිට දින 2ක් පුරා පැවැත්වීමට නියමිතයි.

බ්‍රික්ස් යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව එක් වී, බටහිර රටවලින් එල්ල වන ආර්ථික සහ වෙළෙඳ අභියෝග හමුවේ පිහිටුවාගත් සංවිධානයකි.

මේ වන විට ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, සේදි අරාබිය සහ ඉතියෝපියාව ද සාමාජිකත්වය හිමි රටවල් ලෙස බ්‍රික්ස්හවුලට එක් වී සිටී.

එම සමුළුවට සහභාගී වීම සඳහා විදෙස් රටවලින් පැමිණි රාජ්‍ය නායකයන්, රුසියානු ජනාධිපති වැලදිමීර් පුටින් විසින් පිළිගනු ලැබීය.

හදිසි අනතුරකින් තුවාල ලබා සිටින බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් හැර, සෙසු සෑම රටකම රාජ්‍ය නායකයෝ, විදේශ අමාත්‍යවරු සහ නියෝජිතයෝ කසාන් නගරයට පැමිණියහ.