බොරැල්ල මල්ශාලාවට තර්ජන ඇමතුම දුන්නේ මාතලේ සිසුවියකගේ සිම්පතකින්

බොරැල්ල මල්ශාලාවට තර්ජන ඇමතුම දුන්නේ මාතලේ සිසුවියකගේ සිම්පතකින්

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ මෘත දේහය තැන්පත් කර තිබූ බොරැල්ල මල්ශාලාවට අවස්ථා දෙකක දී තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලබා දී ඇත්තේ, බොරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන සිසුවියකගේ නමට ගත් සිම්කාඩ් පතකින් බව අනාවරණය වී තිබේ.

ඒ අනුව, එම සිම්පත තර්ජනාත්මක ඇමතුම ලබාදීමට පමණක් භාවිතා කර ඇති බවටයි, වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.

අදාළ සිම්පත හිමි සිසුවිය මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවට මෙතෙක් කළ විමර්ශන වලදී හෙළිවී තිබේ.

කෙසේවෙතත්, මෙම ඇමතුම කවුරු ලබා දුන්නා ද යන්න තවමත් අනාවරණය වී නොමැති බවයි, පොලිසිය සඳහන් කරන්නේ.