මාතර වේරදූව නිවසක අබිරහස් මරණයක්

මාතර වේරදූව නිවසක අබිරහස් මරණයක්

මාතර වේරදූව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.

119 හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ලද පණිවිඩයකට අනුව පොලීසිය විසින් ඊයේ (18) දහවල් කාලයේදී අදාළ මළ සිරුර සොයා ගෙන ඇත.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මියගොස් ඇත්තේ 54 හැවිරිදි වේරදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි, පොලිසිය පැවසුවේ.