පියුමිට අයත් BMW මෝටර් රථයක් මත් ජාවාරම් කරුවෙකුගේ නිවසින් හමුවෙයි

පියුමිට අයත් BMW මෝටර් රථයක් මත් ජාවාරම් කරුවෙකුගේ නිවසින් හමුවෙයි

රුපි­යල් කෝටි 6කට අධික වටිනා කුශ් හා කොකේන් ගුවන් තැපැල් මඟින් ආන­ය­නය කිරීම සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට පත් කෝටි­පති ව්‍යාපා­රි­ක­යාගේ නාවල දෙම­හල් නිවෙසේ ගරා­ජයේ තිබී නිරූ­පණ ශිල්පිනි පියුමි හංස­මාලි නමට ලියා­ප­දිංචි කරන ලද බී.එ­ම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝ­ප­භෝගි මෝටර් රථ­යක් හමු වූ බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය කියයි.

මේ වසර මුලදී කුෂ්‍ ­ම­ත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 5 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑ. 500ක් කූරි­යර් සේවා ආය­ත­න­ය­කට ගුවන් තැපැල් මඟින් ගෙන්වා­ගැ­නීම සඳහා වෙනත් පුද්ග­ල­යකු යොමු කර තිබූ සැක­කාර කෝටි­පති ව්‍යාපා­රි­කයා පොලි­සිය මග­හ­රි­මින් කාල­යක් තිස්සේ සැඟව සිටි­යදී ඔහු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා විම­ර්ශන ක්‍රියා­ත්මක කර තිබිණි.

මර­දාන ප්‍රදේ­ශයේ ප්‍රධාන පෙළේ වාහන අම­තර කොටස් ගෙන්වන ආය­ත­න­යක හිමි­කරු වන සැක­කරු සම්බ­න්ධ­යෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ බුද්ධි අංශයේ ස්ථානා­ධි­පති (පො.ප) පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩා­ය­මක් සිදු කළ දීර්ඝ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස ලද තොර­තුරු අනුව සැක­කරු නාර­හේ­න්පිට ප්‍රදේ­ශයේ පෞද්ග­ලික රෝහ­ලක සිට පිට­තට පැමි­ණෙ­මින් සිටි­යදී විම­ර්ශන අංශයේ (උ.පො.ප) සිරි­වංශ මහතා ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි.

සැක­කරු මේ වසර මුලදී නාවල කොස්වත්ත ප්‍රදේ­ශයේ සුපිරි නිවෙ­සක කුලී පද­නම මත පදිං­චිව සිටි­යදී මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශය මගින් අත්අ­ඩං­ගු­වට ගැනී­මත් සම­ගම එම නිවස අත්හැර දමා නාවල පාසල් මාවත ආසන්නේ සුපිරි නිවෙ­ස­කට පදිං­චිය මාරු කර ඇති බව අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය කියයි.

රුපි­යල් කෝටි ගණ­නා­වක් ඉපයූ බවට චෝදනා එල්ල වූ නිරූ­පණ ශිල්පිනී පියුමි හංස­මාලි නමට ලියා­ප­දිංචි වූ මෝටර් රථය සම්බ­න්ධ­යෙන්ද සැක­කරු පරි­හ­ර­ණය කරන දුර­ක­තන සම්බ­න්ධ­යෙන් විශ්ලේ­ෂණ වාර්තා ගෙන ඒ ඔස්සේද පැති කීප­යක් ඔස්සේ පරී­ක්ෂණ පැවැ­ත්වී­ම­ටද, 44 හැවි­රිදි සැක­කරු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කර රැඳ­වුම් නියෝග ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරී­ම­ටද නිය­මි­තය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාං­ශයේ බුද්ධි අංශයේ ස්ථානා­ධි­පති (පො.ප) පැතුම් කුමාර මහතා ඇතුළු කණ්ඩා­ය­මක් දුන් සාර්ථක තොර­තු­රක් අනුව වැට­ලීම සිදු කර සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති (උ.පො.ප) සිරි­වංශ මහතා ඇතුළු කණ්ඩා­ය­මක් විසිනි.