විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පැවසුවේ, දැනට පවතින මිල සූත්‍රය අනුව එම යෝජනාවලිය සකස් කළ බවයි.

ඒ අනුව, කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මණ්ඩලය සඳහන් කරයි.

විදුලි බල මණ්ඩලය විසින් විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ලෙසද මෙය සැලකේ.

මේ අතර, බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසම සඳහා නව සාමාජිකයින් නම් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි.