දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 16 වන අඟහරුවාදා

දවසේ ලග්න පලාපල – 2024 ජූලි මස 16 වන අඟහරුවාදා

රාහු කාලය
3:24 pm – 4:58 pm

සුභ දිශාව
නැගෙනහිර

මරු සිටින දිශාව
බස්නාහිර

Qries

මේෂ

ගමන් බිමන් තරමක් බහුල වීමෙන් අවිවේකය ඇති කරයි. තම අරමුණු ද බාධා කරයි. සමාජ සද් ක්‍රියාකාරකම්වල යෙදේ. ප්‍රබෝධවත්ව දවස ගෙවයි. විනෝදජනක ක්‍රියාවල ද යෙදෙන දිනකි. සෙම්බහුල රෝග මතු කරයි.

Date: 2024-07-16

ජය අංකය: 05
ශුභ වර්ණය: තද රෝස
Qries

වෘෂභ

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. සුහද හමුවීම් සාකච්ඡා වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතු, විනෝදජනක ක්‍රියා ආදියට වැයපස ද ඉහළ යයි. තැන්පත් ධනය වැය වේ. නේත්‍ර රෝග, උගුරේ අමාරු මතු වේ.

Date: 2024-07-16

ජය අංකය: 04
ශුභ වර්ණය: ක්‍රීම්
Qries

මිථුන

ක්‍රියාකාරකම් බහුලයි. ශුභවාදී ක්‍රියාකාරකම්වල ද යෙදේ. තරමක් ගමන් බිමන් යෙදේ. රැකියා ස්ථානවල ප්‍රධානව ක්‍රියා කරයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් ගෙනදෙයි. හදිසි ලාභ ලබයි. කැපුම් කෙටුම් ශල්‍යකර්ම වැනි දේ යෙදේ.

Date: 2024-07-16

ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
Qries

කටක

ක්‍රියාකාරි දිනකි. ප්‍රීති සාද පොදු උත්සව වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. නවක සබඳතා ඇති වෙයි. නව නිර්මාණ ඇරඹීමට හේතුයි. හදිසි ධන ලාභ සම්පත් මතු කරයි. ශිරෝ රෝග, කාය රෝග මතු වේ.

Date: 2024-07-16

ජය අංකය: 01
ශුභ වර්ණය: සුදු
Qries

සිංහ

කාර්යබහුල දිනකි. කෙටි ගමන් බිමන් යෙදේ. ගමනේදී ප්‍රවේශමද මැනවි. ආගමික වතාවත් පුද පූජා වැනි දේට මුල්තැන දී ක්‍රියා කරයි. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදෙන අතර ආමාශගත රෝග මතු කරන දිනකි.

Date: 2024-07-16

ජය අංකය: 01
ශුභ වර්ණය: ලා රෝස
Qries

කන්‍යා

ශුභවාදී ඵල මතු කරයි. නමුත් තරමක් හුදකලා අයුරින් ක්‍රියා කිරීමට සිදුවෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි යොමුවන අතර තම ළඟම ඥාතීන් වෙනුවෙන් දවස කැප කරයි. සෙම් බහුල රෝග මතු කරයි.

Date: 2024-07-16

ජය අංකය: 06
ශුභ වර්ණය: ලා කොළ
Qries

තුලා

ශුභා ශුභ මිශ්‍රව ඵලදෙයි. කෙටි ගමන් යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතා මත ක්‍රියාකරයි. වැයපස ද තරමක් ඉහළ යයි. දහමට ලැදිව ක්‍රියා කරයි. පුද පූජාවල යෙදේ. හදිසි රෝග, ආපදා මතු කරයි.

Date: 2024-07-16

ජය අංකය: 08
ශුභ වර්ණය: රන්වන්
Qries

වෘශ්චික

ශුභවාදී ඵල මතු කරයි. ඥාති සබඳතා වර්ධන ක්‍රියාදියත් කරයි. තරමක් විනෝද ජනක ක්‍රියාවල ද යෙදේ. දහමට ලැදිවෙයි. අධ්‍යාත්මික ගුණවගාවන් කෙරෙහි යොමුවන දිනකි.

Date: 2024-07-16

ජය අංකය: 07
ශුභ වර්ණය: රතු
Qries

ධනු

ශුභාශුභ මිශ්‍රඵල ගෙනදෙයි. ක්‍රියාකාරකම් බහුල දිනකි. ගමන් බිමන් ද අධික වීමෙන් වැයපස ද ඉහළ යයි. සුහඳතා වර්ධන ක්‍රියාවන්වල ද යෙදෙන අතර හදිසි ලාභ ද ලබයි. මුත්‍රා ආසාදන රෝග මතු වේ.

Date: 2024-07-16

ජය අංකය: 02
ශුභ වර්ණය: කහ
Qries

මකර

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැහැදිලි දියුණුවක් පෙනේ. හවුල් ව්‍යාපාරවලින් ජය ගෙනදෙයි. නව නිර්මාණකරණයට ශුභයි. උගතුන්ගෙන් උපදෙස් උපකාර ලබයි. නේත්‍ර රෝග, මුඛ රෝග සෑදෙයි.

Date: 2024-07-16

ජය අංකය: 08
ශුභ වර්ණය: නිල්
Qries

කුම්භ

රාජකාරිවලට අමතර ක්‍රියාකාරකම් යෙදේ. සතුරු බලපෑම් දමනය වෙයි. තම ළඟම ඥාතියකු වෙනුවෙන් මුදලක් වැය කිරීමට සිදුවේ. තමනට ද අමතර ලාභ ලැබීමකට හේතුයි. ඉදිමුම් රෝග මතු වේ.

Date: 2024-07-16

ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
Qries

මීන

ශුභාශුභ ඵලදෙයි. තම ව්‍යාපාරවල පැවැති අඩු පාඩු දැනගනී. ඇසුරු කරන්නන් නිසා තරමක් අලාභ ගෙන දෙයි. මහජන ප්‍රසාදයට පත්වන අතර හදිසි ධන ලාභ ද ලබයි. සෙම් ආශ්‍රිත රෝග පෙණහලු රෝග මතු වේ.

Date: 2024-07-16

ජය අංකය: 09
ශුභ වර්ණය: තැඹිලි