රජ ගේමක් ගහන්න බැසිල් හදපු රහස් කාමරේ

රජ ගේමක් ගහන්න බැසිල් හදපු රහස් කාමරේ

ඉදිරි ජනාධිපතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමේ අරමුණෙන් පොහොට්ටුවේ මහ මොළකරු ලෙස සැලකෙන බැසිල් රාජපක්ෂ මහතා කාටත් හොර රහසේ විශේෂ මෙහෙයුමක් අවසන් කර තිබෙන බව වාර්තා වේ.

ඒ රහසිගතව විශේෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පක්ෂ මූලස්ථානයේ නිර්මාණය කිරීමය.

කිසිවකුටත් නොදැනෙන්නට පක්ෂ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලේ එක් තට්ටුවක්ම මෙම මෙහෙයුම් කාර්යාලයට වෙන් කර ඇති අතර ඊට නවීන පන්නයේ පරිගණක, මේස, පුටු ලබාදී මුළු රටේම සිදුවන සංවිධාන කටයුතු ඊට ජාලගත කිරීමට කටයුතු කර ඇති බව පැවසේ.

පිටස්තර කිසිවෙකුටත් මෙම රහසිගත ජනාධිපති මෙහෙයුම් කාර්යාලයට ඇතුළු වීම තවමත් තහනම් කර ඇති බවයි පැවසෙන්නේ.