සභාපතිට මඩ ගසමින් නීතීඥ සංගමයේ බලය අල්ලන්න සැරසෙන රැඩිකල් නීති ලොක්කෝ කවුද?

සභාපතිට මඩ ගසමින් නීතීඥ සංගමයේ බලය අල්ලන්න සැරසෙන රැඩිකල් නීති ලොක්කෝ කවුද?

ශ්‍රී ලංකා නීතිඥ සංගමය යනු මහජන අයිතීන්, අධිකරණයේ ස්වාධිනත්වය, නීතියේ පාලනය මෙන්ම විධායකය හා ව්‍යවස්ථාදායකයේ අකටයුතුකමි හා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසීයේ ක්‍රියාවන් හේතුවෙන් සිදුවන අකටයුතු ගැන නිරන්තරයෙන් අවදිව සිටිමින් එහි ආරක්ෂකයින් වශයෙන් කටයුතු කරන මෙරට ප්‍රධානතම වෘත්තීය ආයතනය වේ.

ජන අරගලය පැවති සමයේදී මහජනතාවගේ ආරක්ෂා, පුරවැසි අයිතිවාසිකමි වෙනුවෙන් පෙනීසිටි සමාජ ක්‍රියාකාරීන් අනීතිකව අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මෙන්ම අදහස් ප්‍රකාශ කිරීම සඳහා මහජනතාව සතු වන අයිතිය අභියෝගයට ලක්වූ අවස්ථාවන්හීදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රශංසනීය කර්තව්‍යයක් ඉටුකල ආයතනයකි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජයිකා ආයතනය සමග සිදු කරන ලද වැඩසටහනකට අදාළව ගෙවන ලද බව කියන රු.මිලියන 24ක මුදලක් සම්බන්ධයෙන් මූල්‍යමය වංචාවක්, අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට හැඟවෙන වාර්තාවන් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍යයේද විශාල ප්‍රචාරයක් ලබා දෙමින් පළ විය. නමුත් එහි නිරවද්‍යතාවය සම්බන්ධයෙන් අප හට කරුණු පැහැදිලි කිරීමක් ලැබී ඇත.

මෙම ආයතනයේ කීර්ති නාමය හා විශ්වාසනීයත්වයට හානි පමුණුවමින් මෙන්ම ස්වාධීනව කටයුතු කිරීමට බාධා වන අයුරින් ඇතැම් දේශපාලන ධාරාවන්ට සම්බන්ධ නීති වෘත්තීයකයින් පිරිසක් කටයුතු කරමින් සිටින බවත්, ඔවුන් සිය යටි අභිමතාර්ථයන් වෙනුවෙන් මෙන්ම නීතියේ යහපාලනයට අභියෝග කරන ජාවාරමිකරුවන් හා නීතිඥ වෘත්තියේ සම්ප්‍රදායන් හා නීති ක්ෂේත්‍රයේ අඛණ්ඩව ගරු කරන වෘත්තිය ආචාර ධර්ම වලට පටහැනිව, එහි ගරුත්වය කෙලෙසන පරිදි නම කටයුතු කරන බවට නම හෙළි කිරීමට අකමැති නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක් අපහට දැන්වීය .

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වශයෙන් වත්මන් සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සිය දෙවන ධූර කාලය සඳහාද නිතරඟයෙන් පත්වී ඇති අතර ඔහුගේ ධුර කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව ඇත.

මෙම 2024 වර්ෂය ශ්‍රී ලංකාවෙි මැතිවරණ වර්ෂය වේ. අත්‍යවශ්‍යයෙන්ම ජනාධිපතිවරණය ” මහමැතිවරණය” පළාත් සභා මැතිවරණය සහ කල් දමා ඇති පළාත් පාලන මැතිවරණයද පැවැත්වීමට නියමිතව ඇත. මෙම කාලසීමාවේ ශ්‍රී ලංකා නීතීඥ සංගමයට මෙරට ජනතාව වෙනුවෙන් අත්හළ නොහැකි භාරදූර වගකීමක්ද පැවරී තිබේ.

ඔහුගේ ධුර කාලය තුළ පෙර කාලය මෙන් නීතිඥයින් මහපාරේ පෙළපාලි පවත්වා නැත. කරුණු සොයා බැලීමෙිදී ව්‍යවස්ථාදායකය, විධායකය, පොලිසිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරන අකටයුතුකම් වලට එරෙහිව නීතිඥ සංගමය කටයුතු කර ඇති බව පෙනී යයි.

විශේෂයෙන්ම මැදවචිචිය පොලිස් ස්ථානයේදී සිදු කරන ලද පහරදීමට අදාළව පවතින නඩු කටයුත්ත, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමිබන්ධයෙන් වන නඩු කටයුත්ත වැනි නඩු කටයුතු වලදී මෙන්ම මහජන අයිතිවාසිකමි උල්ලංඝනය හා සීමා කිරීමට ලක්වන මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමෙි පනත වැනි අණපනත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීම සඳහා කටයුතු කොට ඇති බවද පොලිස් අත්අඩංගුවෙිදී මූලික අයිතිවාසිකමි උල්ලංඝනය කිරීමි වලට එරෙහිව නිරන්තරයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය හඩ නගා ඇති බව පෙනී යයි.

කෙසේ වුවද වර්තමාන සභාපතිවරයා සිය ධුරකාලය ආරමිභ කළ දින සිට ඔහුගේ විරුද්ධ පාර්ශවයන් අහේතුක බාධාවන් සිදු කරමින් පසුගිය වසරේ ආර්ථික අපහසුතා මැද ඉතා සාර්ථකව නුවරඑළියේ සිදු කළ ජාතික නීති සමුලුව මෙන්ම මහජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහන ලබා දෙමින් දිවයින පුරා පැවැත්වූ ජාතික නීති සතිය සහ අධිකරණ විනිශ්චයකාරවරුන් සමිබන්ධයෙන් හා විනිශ්චයට භාජනය වන නඩු කටයුතු සමිබන්ධයෙන් පාර්ලිමෙින්තු ගර්භය තුළ සිය වරප්‍රසාද වලට මුවාවී අධීකරණයේ ස්වාධිනත්වයට පහරදීම සමිබන්ධයෙන්ද කටයුතු කරන අවස්ථාවෙිදී වත්මන් සභාපතිවරයාට ඔහුගේ විරුද්ධවාදින් දැඩි විවෙිචන එල්ල කරමින් බාධා කළ බවට නම හෙළි කිරීමට අකමැති නීති ක්ෂේත්‍රයේ ප්‍රබලයා අපහට දැන්වීය.

විශේෂයෙන්ම වර්තමාන සභාපතිවරයා යටතේ නීතිඥවරුන් හට සිය දැනුම වර්ධනය කර ගැනීම සඳහා නිරත්තරයෙන් වැඩසටහන් සිදු කර ඇති බව ද පැවසේ.

තවද අබලන්ව පැවති නීතිඥ සංගමයේ ගොඩනැගිල්ල ද පිළිසකර කරමින් වර්තමානයේ පෙනෙන පරිදි සංවර්ධනය කොට ඇති අතර වෘත්තියේ කනිෂ්ඨයින් හා කාන්තා නීතිඥවරියන් සමිබන්ධයෙන් විශේෂිත වැඩසටහන් ද මෙහෙයවා තිබේ.

එමෙන්ම 2023-2024 වාර්ෂික වාර්තාව ප්‍රකාරව එහි සභාපති ඇතුළු පාලක මණ්ඩලය රු.මිලියන 40 ක ඉතිරියක් රටෙි ආර්ථික අපහසුතා මැද වුවද ඉතිරිකොට ඇති බව පෙනී ගොස් තිබේ.

මෙවන් පසුබිමක වත්මන් සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා සහ එහි උපසභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය කීපයක ජයිකා ආයතනය සමග පවත්වන ලද වැඩමුලුවක් සමිබන්ධයෙන් සංගමයට ලද රු’ 24”000”000’- කට ආසන්න මුදලක් හිතවතුන් අතර බෙදා ගත් බවට චෝදනාවක් නගා තිබේ.

මෙම වැඩසටහනට අදාළ ලේඛන එහි සමාජිකයින් වෙත අන්තර්ජාලය මගින් ලබා දී තිබේ. එය පරීක්ෂා කිරීමේදී එම ලේඛන අනුව ප්‍රශ්න ගත වැඩසටහන සඳහා ජයිකා ආයතනයේ ඉල්ලීම මත ශ්‍රී ලංකා නීතිඥ සංගමය එකී වැඩසටහන පැවැත්වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කරමින් අයදුමි කොට ඇති අතර ඊට අදාළව ගිවිසුමකටද ඇතුළත්ව ඇති බව පෙනී යයි.

එම ගිවිසුම ප්‍රකාරව සභාපති, උපසභාපති ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැඩමුලුව සඳහා පත් කොට ඇති අතර ඔවුන් වෙනුවෙන් ගෙවීමක් කිරීමටද ජයිකා ආයතනය එකගව තිබේ. එමෙන්ම වැඩසටහනට අදාළව සංගමය වෙත වෙනම මුදලක් ගෙවීමටද එකගව ඇත.

මෙම පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම තීරණය කිරීමෙිදී විනිවිදභාවයකින් යුත් ක්‍රියා පටිපාටියක් අනුගමනය නොකළ බවට අවසන් මාසික රැස්වීමෙීදී සභාපති වෙත චෝදනා නගා ඇති අතර, පැවති අවම කාලසීමාව මත වැඩසටහන සාර්ථකව මෙහෙයවීම සඳහා විශ්වාසය තැබිය හැකි කමිටුවක් යෝජනාකළ බවට සභාපතිවරයා කරුණු පැහැදිලි කර තිබේ.

විශේෂයෙන්ම එකී කමිටුවෙි පර්යේෂණ සහකාර වශයෙන් නම් යෝජනා කළ කනිෂ්ඨ නීතිඥවරුන්” සංගමයේ සභාපති හා උපසභාපතිවරයාගේ සමිපතමයින් බවට කරුණු දක්වා ඇති අතර, එහිදී එකී කණිෂ්ඨයින් අදාළ වැඩසටහන නිසි පරිදි සිදු කිරීම සඳහා කටයුතු කළ බවට කරුණු පහදා දී ඇත.

කරුණු සොයා බැලීමේදී ප්‍රශ්න ගත වැඩමුළුව හා වැඩමුළු උදෙසා සමිපත් දායකයින් තෝරා ගැනීමෙි විශේෂිත පිළිගත් ක්‍රියාදාමයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නැති බව අනාවරණය විය.

සාමාජිකයින් වෙත සංගමය මුදා හැර ඇති ලේඛන පරිශිලනය කිරීමෙිදී අදාළ වැඩසටහන සාර්ථකව අවසන් කොට ඇති බව හා අදාළ වාර්තා ජයිකා ආයතනය වෙත ලබා දී ඇති බවට ජයිකා ආයතනය දක්වා තිබේ.

වැඩසටහනේ සාර්ථකත්වය මත ඉදිරියටද නීතිඥ සංගමය සමග වැඩකිරීම සඳහා අදහස් කරන බවට ජයිකා ආයතනය ලිඛිතව දන්වා ඇත. ජයිකා ආයතනයේ වෙබි අඩවියේද මෙම වැඩසටහන සාර්ථකව සිදු කළ බවට ඡුායාරූප සහිතව සටහන් තබා තිබෙන බව පැවසේ.

ඒ අනුව මාධ්‍ය මගින් සිදු කරන ලද ප්‍රචාරයන්ට අදාළව ජයිකා ආයතනයෙන් විමසීමක් මත අදාළ වැඩසටහන සාර්ථකව එකගව ඇති පරිදි ගෙවීමී ද සිදුකොට අවසන් කර ඇති බවට කරුණු දක්වා ඇති බවට පුවත්පත් වාර්තා කොට ඇත.

තවද ජයිකා ආයතනය නීතිඥ සංගමයට මුදල් ප්‍රදානයක් කර නොමැති බවත්, ජයිකා ආයතනය විසින් සේවාවන් ලබා ගත් කමිටු සාමාජිකයින් වෙත ගෙවිය යුතු මුදල් ඔවුන් වෙත ගෙවීමෙි කාර්යය සඳහා නීතිඥ සංගමය වෙත ලබාදී තිබෙන බවත් අනාවරණය වී තිබේ.

ඒ අනුව සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න හා උපසභාපති නලින්ද ඉන්දතිස්ස මහත්වරුන් තමන් වෙත ලද මුදල් සංගමයේ සාමාජිකයින්ගේ පරිහරණය සඳහා සහමුලින්ම ප්‍රදානය කර තිබේ.

එම ප්‍රදානයන් අදාළ ගෙවීමි පිළිබඳ ගැටලු ඇති වීමට බොහෝ කලකට පෙර නීතිඥ සංගමයට ස්ව කැමැත්තෙන් ප්‍රදානය කර ඇති බව ද පෙනී ගොස් තිබේ.

එවන් තත්වයක් යටතේ සාමාජ මාධ්‍ය මෙන්ම තෝරාගත් පුවත්පත් කිහිපයක් තුළින් වර්තමාන සභාපතිවරයා සහ උපසභාපතිවරයා වෙත දැඩි ප්‍රහාරයක් දියත් කරමින් සිටින බව පෙනී ගොස් තිබේ.

තවද අන්තර්ජාලයේ පවතින ලිපි ලේඛන වලින් සනාථ වන පරිදිම එකම දේශපාලන ධාරාවක කටයුතු කරන්නන් මෙලෙස කටයුතු කරමින් සිටින බව පෙනී යයි.

වත්මන් සභාපතිවරයාගේ ධුර කාලය 2025 මාර්තු මස අවසන් වීමට නියමිතව තිබුණද ඉදිරි වර්ෂය සඳහා සභාපති තේරීමෙි ඡුන්දය සඳහා වන නාම යෝජනා 2025 ජනවාරි මසද අදාළ ඡුන්දය 2025 පෙබරවාරි මසද පැවැත්විය යුතුව ඇත.

එකී ඡුන්දය සඳහා මෙි වන විට වත්මන් උප සභාපති ඇතුලුව අපේක්ෂකයින් හතරදෙනෙකු තරගයට ඉදිරිපත් ව ඇති අතර, වත්මන් උපසභාපති නලින්ද ඉන්දතිස්ස එකී තරගයේ ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා බව අනාවරණය වී තිබේ.

එබැවින් මුද්‍රිත හා සමාජ මාධ්‍ය හරහා අසත්‍ය කරුණු ගෙන හැර පාමින් වත්මන් සභාපති හා උප සභාපතිවරයාගේ විශ්වාසනීයත්වයට දැඩි හානි සිදු කරමින් ඉතා සංවිධානාත්මකව මඩ ප්‍රහාරයක් සභාපති තරගයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයෙකු සිදු කරන බවට හෙළිව තිබේ.

සිය පුද්ගලික අරමුණු ඉටු කර ගැනීම සඳහා සංගමයේ කීර්ති නාමය හා විශ්වාසනීයත්වය විනාශ වන පරිදි කටයුතු සිදු කිරීම නීති ක්ෂේත්‍රයේ පමණක් නොව සමස්ත ප්‍රජාවම හෙළා දැකිය යුතුව ඇත.

මක් නිසාද යත් එකී ක්‍රියාවන් හේතුවෙන් දේශපාලඥයින් මෙන්ම අනෙකුත් පුද්ගලයින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමට කටයුතු කරන හෙයින් හා මැතිවරණ කල් දැමිම, මහජන අයිතින් උල්ලංඝනය කිරීම හා පුරවැසි නිදහස විනාශ වීම වැනි ක්‍රියා වලදී නිතිඥ සංගමයේ විශ්වාසනීයත්ව මැදිහත් වීම අඩපණ වන හෙයිනි.

මෙි සියල්ල කැටි කොට සැලකීමෙිදී පෙනී යන්නේ රටෙි ප්‍රධානතම වෘත්තීය සංගමයක් වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෘත්තිකමය භාවයකින් යුක්තව සිදු කරනු ලබන ක්‍රියාවන් අඩපණ කොට නැවත වරක් මැතිවරණ කාලසීමාව ආසන්නයේදී, යටි අරමුණු සහගතව කටයුතු කරන නීතිඥවරු සුලු පිරිසකගේ රැඩිකල්වාදී ක්‍රියාකලාපයක් දියත් කිරීම සඳහා බව නොරහසකි.

යමි හෙයකින් එම වෑයම සාර්ථක වුවහොත් මෙරට රැඩිකල්වාදී නීතිඥවරුන් සුලු පිරිසකගේ ප්‍රධානත්වයෙන් මැතිවරණ කාලසීමාවන්හිදී මහ පාරේ අරගල සිදු විම මෙන්ම දැනට සමාජයේ පවතින ස්ථාවරභාවය විනාශයට ලක් වීමද වළක්වා ගැනීමට නොහැකී බව නොඅනුමානයි.

මෙහි අවසාන අනිසි ප්‍රතිඵලය ලැබෙන්නේ ‘ශ්‍රී ලංකා නීතීඥ සංගමයටය’ මෙවැනි අභූත චෝදනා හේතුවෙන් අන්තර්ජාතික පිළිගත් ආයතන ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමග ඉදිරියේ වැඩකිරීමට මැලි වනු ඇත. එමගින් අවස්ථාවන් අහිමි වන්නේ සමස්ථ නීති ප්‍රජාවටමය.

එම නිසා නීතීඥ සංගමයේ සභාපතිවරයා විසින් සිදු කර ඇතැයි කියනු ලබන ඊනියා මුදල් වංචාවක් නොව එකී අභූත චෝදනාව මුල් කර ගනිමින් සංගමයේ බලය ඇල්ලීම සඳහා ක්‍රමවත්ව දේශපාලනික අරමුණක් සහිතව දියත් කොට ඇති ක්‍රියාදාමයක් බව වැටහේ.

එබැවින් ගෙදර ප්‍රශ්න ගේ තුළ දී නොවිසඳා ගැනීම හා බලලෝභී ආත්මාර්ථකාමි පුද්ගලයින් විසින් සිය යටි අරමුණු සහගත අපේක්ෂාවන් උදෙසා නීතිඥ සංගමයේ කීර්ති නාමය හා නීතිඥ වෘත්තියේ ගෞරවය කෙලෙසීමේ අනිසි විපාකය සමස්ත ප්‍රජාවටම දීර්ඝ කාලීනව විඳීමට සිදු වීම ඉතා කණගාටු දායක කරුණකි.