රාජ්‍ය බැංකුවකින් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

රාජ්‍ය බැංකුවකින් මහජනතාවට විශේෂ දැනුම්දීමක්

තම බැංකු ගිණුම් හිමියන් ඉලක්ක කර, සමාජ මාධ්‍ය මගින් පළ කරන ව්‍යාජ දැන්වීම් ඔස්සේ සිය ගිණුම් හිමියන්ගේ පෞද්ගලික ගිණුම් තොරතුරු රැස් කිරීමේ සංවිධානාත්මක ප්‍රයත්නයන් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇතැයි මහජන බැංකුව සිය ගිණුම් හිමියන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දෙයි.

මෙහිදී ඔබගේ හදිසි මුදල් අවශ්‍යතා සඳහා “Central Loan” නම් ආයතනයක් සමඟ සම්බන්ධව මහජන බැංකුව විසින් සහනදායී පොලී මත ණය ලබා දෙන බව පවසමින්, ඔබගේ පෞද්ගලික බැංකු තොරතුරු සහ වෙනත් සංවේදී තොරතුරු විවිධ දුරකථන සහ WhatsApp අංක වලට ලබා ගැනීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ සඳහන් කර තබේ.

මහජන බැංකුව එම “Central Loan නම් ආයතනය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ඒ ආකාරයේ වෙනත් කිසිදු තෙවන පාර්ශවයක් හරහා ණය මුදල් ලබා දීමට කටයුතු නොකරන බවත් මහජන බැංකුව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එබැවින් මෙවැනි වංචාකාරී පාර්ශව සමඟ ඔබගේ ගිණුම් අංක, බැංකු කාඩ්පත් අංක, PIN අංක, OTP අංක ආදී තොරතුරු හෝ Online ගනුදෙනුවලට අදාළ තොරතුරු හෝ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ඔවුන් සියලූම ගනුදෙනුකාර භවතුන්ගෙන් ඉල්ලා සිටී.

එම නිවේදනය පහතින්,