නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කෙරේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස හෙට නම් කෙරේ

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා දීමේ කටයුතු ද මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බවත්, හෙට (08) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවත් රාජිත රණසිංහ මහතා ප්‍රකාශ කළා.

කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු කියා සිටියේ, ලබන 11, 12, 13 සහ 14 යන දිනවලදීද ඡන්ද පත්‍රිකා නිවෙස් වලට බෙදාහරින බවයි.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ තෙවැනි දිනය අදින් අවසන් වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය සේවකයන්ට ලබන 11 වැනිදා සහ 12 වැනිදා අවස්ථාව හිමිවනවා.

මේ අතර සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකා රක්ෂිත පැකට්, යළිත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යල වෙත රැගෙන යාම ආරම්භ කළ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂ ආරක්ෂාවක් යටතේ එම කටයුතු සිදුවන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කළේ.

තැපැල් ඡන්ද භාවිතා කිරීම ඉහළ අගයක පවතුන බව ඔහු පැවසුවා.