බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 31ක් රෝහලේ

බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 31ක් රෝහලේ

මූතූර් පොලිස් වසමේ මූතූර් 5 ප්‍රදේශයේ පාසලක සිසුන් 30 දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව රෝහල්ගත කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ශිෂ්‍යත්වය විභාගය සඳහා පෙනී සිටින ළමුන් පිරිසක් ඊයේ (25) සවස පාසලේ අමතර පන්තියකට සහභාගී වී ඇති බවත් එහිදී පාසලට යාබඳ නිවසක බඹර කූඩුවක් ඇවිස්සීමෙන් පාසල් සිසුන්ට හා ගුරුවරයාට බඹරු දෂ්ඨ කර ඇති බවත්ය.

එහිදී සිසුන් 22ක් හා සිසුවියන් 8 දෙනෙකු මෙන්ම ගුරුවරයා ද මූතූර් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට ඔවුන් නේවාසිකව ප්‍රතිකාර ලබයි.